Skip to main content

Posts

සමාජ කාංසාව (Social Anxiety )

සමාජ කාංසාව බහුල වශයෙන් පුද්ගලයින් අතර පවතින මානසික අක්‍රමිකතාවකි... එය විවිධාකාරයෙන් සමාජය තුළ හැසිරීමේදී ගැටළු මතු කරනු ලබයි... කොහොමද?මේ Social Anxiety අපිට සමාජයේ ජීවත්වීමේදී බලපානු ලබන්නේ 1. දුරකථන සංවාද ආශ්‍රිතව ඇතිවන තත්ත්වය  මේ තත්ත්වය යටතේ තව කෙනෙක් හෝ තව පිරිසක් ඉදිරිටේ දුරකථන ඇමතුමක් ගැනීමට හෝ දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට බියක් හෝ ලැජ්ජාවක් දක්වනු ලබයි.. 2. කතාබහ කිරීමේදී ඇතිවන තත්ත්වය  මෙහිදී කුමක් කතා කරන්නේද,වැරදි දෙයක් කියවෙයිද,ඊට වඩා හොඳයි කතා නොකර අහනදේට විතරක් උත්තර දෙනවා යනාදී සිතුවිලි නැගෙනවා සේම නොහඳුනා පුද්ගලයින් සමඟ කතා කිරීමට බියක් දක්වයි.. 3. අන් අයගේ අවධානයට ලක්වේය යන බිය නිසා ඇතිවන කාංසා තත්ත්වය . අන් අය මා පිළිබඳ අවධානෙන් ඉන්නේ..මාව විනිශ්චය කරනවා ඇති.මාව අවතක්සේරුවට ලක් කරයි යනාදී සිතුවිලි නිසා පිරිසකගේ අවධානයට ලක්වී සිටීමට මැලිකමක් දක්වයි..එම නිසා පිරිස් අතරට යෑමට අකැමැති බවක් දක්වයි.. 4.නැටීමට, ගැයීමට හා කතා පැවැත්වීමේදී ඇතිවන තත්ත්වය . අනෙත් අය සමඟ විනොදවීමට කැමත්තක් තිබුණත් විහිළුවට ලක්වේය යන යන බිය ඇතිවේ..මෙය සිතට මෙන්...
Recent posts

මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලි න්‍යාය.

මැස්ලෝව්ගේ අවශ්‍යතා පිළිබඳ ධූරාවලිය මනෝ විද්‍යාවේ න්‍යායක් වන අතර ඒබ්‍රහම් මැස්ලෝ විසින් 1943 දී මනෝවිද්‍යාත්මක සමාලෝචනයේ “මානව අභිප්‍රේරණය පිළිබඳ න්‍යායක්” නම් ලිපියෙන් යෝජනා කරන ලදී.  මිනිසුන්ගේ සහජ කුතුහලය පිළිබඳ ඔහුගේ නිරීක්ෂණ ඇතුළත් කිරීමට මැස්ලෝ පසුව අදහස දීර්ඝ කළේය.  ඔහුගේ න්‍යායන් මානව සංවර්ධන මනෝ විද්‍යාවේ තවත් බොහෝ න්‍යායන්ට සමාන්තර වන අතර සමහර ඒවා මිනිසුන්ගේ වර්ධනයේ අවධීන් විස්තර කිරීමට අවධානය යොමු කරයි.  සමාජයේ විශ්වීය අවශ්‍යතා එහි පදනම ලෙස පිළිබිඹු කරන වර්ගීකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට ඔහු තීරණය කළ අතර පසුව වඩාත් අත්පත් කරගත් හැඟීම් කරා ගමන් කළේය.  චර්යාත්මක අභිප්‍රේරණය සඳහා මිනිසුන් සහජයෙන්ම සහභාගී වන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම සඳහා මැස්ලෝව්ගේ අවශ්‍යතා ධූරාවලිය භාවිතා කරයි.  මානව අභිප්‍රේරණයන් සාමාන්‍යයෙන් චලනය වන රටාව විස්තර කිරීම සඳහා මැස්ලෝ "භෞතික විද්‍යාත්මක", "ආරක්ෂාව", "අයිති සහ ආදරය", "සමාජ අවශ්‍යතා" හෝ "ගෞරවය" සහ "ස්වයං සත්‍යාපනය" යන වචන භාවිතා කළේය.  මෙයින් අදහස් කරන්නේ ඊළඟ මට්ටමේ දී අභිප්‍රේරණය සිදුව...

මානසික ආතතිය අපේ සෞඛ්‍යට බලපාන ආකාරය.

අධික මානසික ආතතිය බොහෝ සෞඛ්‍ය ගැටළු වලට හේතු වේ...මේ අනුව අපගේ මානසික ක්‍රියාවලිය සෘජුව අපගේ කායික ක්‍රියාවලියට බලපාන බව පැහැදිලි වේ...යහපත් කායික සෞඛ්‍යක් පවත්වාගෙන යාම සඳහා මානසික සෞඛ්‍ය නිසි පරිදි පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි... අධිම මානසික ආතතිය කායික සෞඛ්‍යට කිහිප ආකාරයකින් බලපෑ හැක. 1. විශාදය හා කංසාව ඇතිවීමට හේතුවේ. 2. මතකයේ හා තීරණ ගැනීමේ දුර්වලතා 3.ප්‍රජනන ක්‍රියාවලියේ දුර්වලතා ඇතිවිය හැක. 4. නින්ද ආශ්‍රිත ගැටළු ඇතිවිය හැක..බොහෝ විට නොයෑම වැනි ගැටළු ඇති වේ..එසේම අධික නින්දද ඇතිවිය හැක. 5. විවිධ වූ ශාරීරික වේදනා ඇතිවීම. 6. හදවත් රෝගවලට මග පාදයි. 7. සමේ රෝග වලට ගොදුරුවීම 8. ශරීරයේ බර සම්බන්ධ ගැටළු ඇති විය හැක.(අධික තරබාරුව සහ අධික ලෙස බර අඩුවීම.) මේ ආකාරයට අධික මානසික ආතතිය කායිකව විවිධාකාරයෙන් බලපානු ලබයි...